Sunday, December 25, 2011

බිවුවහම කුපාඩියෙක්

 
  දිනක් මිනිසුන් දෙදෙනෙක් මහල් ගොඩනැගිල්ලක ඉහල මහලක වූ තැබෑරුමකට වී මත්පැන් පානය කරමින් සතුටු සාමීචියේ යෙදී සිටියෝය. මේ අතර ඔවුන්ට ආසන්නයට තවත් පුද්ගලයෙක් පැමිණ අසුන් ගෙන මත්පැන් වීදුරුවක් තොලගෑවේය. ඉන්පසු සිදුවූ දෙය අරුම පුදුමය. ඔහු මත්පැන් වීදුරුව අවසන් කර ගොස් තැබෑරුමේ ජනේලයෙන් පිටතට පැන්නේය.

   මෙය දුටු අර මිනිසුන් දෙදෙනා විශ්මයට පත්වී, දුවගෙන ගොස් ජනේලයෙන් එබී බැලුවෝය. ඔවුන් කිසිවක් දැක්කේ නැත. ටික වෙලාවකින් සියල්ලන්ව විශ්මයට පත්කරමින් අර පුද්ගලයා නැවතත් තැබෑරුමට පැමිණියේය. (මෙයින් පුදුම නොවුනේ තැබෑරුම් සේවකයා පමණි). මෙම සිදුවීමම නැවත වරක් සිදුවිය. තවත් බලා සිටිය නොහැකිවූ අර මිසුන් දෙදෙනා මේ ගැන එම පුද්ගලයාගෙන් විමසීය.

“කොහොමද හලෝ අඩි 100ක් විතර උසකින් පැනල ආයෙ නැගිටල එන්නෙ?”.

මෙයට පිළිතුරු දුන් පුද්ගලයා “ඒක හරිම ලේසියි. වැටෙන කොට බිමට ඔන්න මෙන්න කියන කොට තියෙනව යකඩ පොල්ලක්. මම ඒක අල්ල ගන්නව, එතකොට මොකුත් වෙන්නෙ නෑ”.

මෙය ඇසූ මිනිසුන් දෙදෙනා “මුට පුළුවන් නම් මොකද අපිට බැරි” යැයි සිතා, ඊළග පාර එම පුද්ගලයා ජනේලයෙන් පිටතට පැන්න පසු ඔවුන් දෙදෙනාද ගොස් පැන්නෝය. අහෝ ඛේදයකි! දෙදෙනාම බිමට වැටී මරණයට පත්විය. නමුත් අර පුද්ගලයා නැවතත් තැබෑරුමට පැමිණියේය.
තැබෑරුම් සේවකයා කියා සිටියේ මෙවැන්නකි,
“තමුසෙ බිවුවහම නම් මහම මහ කුපාඩියෙක් සුපර්මෑන්!!! ”


කතාව-Ishara Malshan Waidyasekare       2011/12/21

No comments:

Post a Comment