Tuesday, December 27, 2011

"නවයයි,නවයයි......"

මේ සීන් එක වෙලා තියෙන්නේ පිස්සන් කොටුවකලු. ඔන්න දවසක් දොස්තර මහත්තයා දැක්කලු පිස්සෝ ටිකක් ලිඳ ලඟට එකතු වෙලා මොකක් හරි හයියෙන් කියව කියව ඉන්නවා. දොස්තර මහත්තයා ටිකක් ලඟට ගිහින් බැලුවාලු මොනවද මුන් මේ කියවන්නේ කියල.

 "නවයයි,නවයයි,නවයයි......" පිස්සෝ ටික දිගටම නවයයි කියල කියනවලු.


 දොස්තර මහත්තයට ඕන උනාලු මොනවද මේ "නවයයි" කියල මුන් ගණන් කරන්නේ කියල දැනගන්න. ඉතින් දොස්තර මහත්තයා ඇහුවලු "මොනවද නවය?" කියල.

 එතකොටම පිස්සෝ ටික දොස්තර මහත්තයව අල්ලලා ලිඳට දාල "දහයයි, දහයයි...." කියල කියන්න ගත්තලු.....


කතාව-Tharindu Gayan         2011/12/27

No comments:

Post a Comment