Saturday, December 24, 2011

සංචාරකයා සහ මාළු


දිනක් එක්තරා ජලාශයක බෝට්ටු පදිමින් සිටි සංචාරකයකු දුටුවේ තම බෝට්ටුව පතුලේ වූ සිදුරකින් ජලය කාන්දු වන බවයි. එම ජලාශයේ පිරානා නම් භයානක මාළුන් ගැවසෙන බව ඉතා ප්‍රසිද්ධ කරුණක් විය. මෙයින් භීතියට පත් ඔහු වටපිට බලද්දී ඉවුරේ සිටි ගම්වැසියකු දැක කෑගසා මෙසේ ඇසුවේය.

 සංචාරකයා: ඒයි.... මේ ගඟේ මිනීමරු මාළු ඉන්නවදෝ....?



 ගම්වැසියා: බය වෙන්න එපෝ... එකෙක්වත් නැතෝ....!

 මින් සැනසීමට පත් සංචාරකයා බෝට්ටුවෙන් පැන ඉවුර දෙසට පීනන්නට විය. ගම්වැසියා නැවතත් සංචාරකයා අමතා මෙසේ කීය.

 "හිටපු උන් ඔක්කොම කිඹුල්ලු කෑවෝ...!!!"




කතාව-Tharindu Gayan   2011/12.22

No comments:

Post a Comment