Monday, December 26, 2011

මම කිව්වේ මචං


දිනක් ගම්බද පෙදෙසකට මෝටර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් ගමේ තැබෑරුමට ගොඩ වැදී තැබෑරුම් හිමියා සමග කතාබහක් ඇරඹුහ. එක් තරුණයෙක් මෙසේ ඇසීය.

 තරුණයා: "මේ ගමේ ඉන්නවද බෙල්ලේ සුදු පාට පටියක් දාපු කළු බල්ලෙක්?"

 තැබෑරුම්හිමියා: "හ්ම්ම්... නෑ ඔය කියන විදියේ එකෙක් නම් නෑ"

 තරුණයා: "එහෙනම් බෙල්ල සුදුපාට කළු පුසෙක් එහෙම ඉන්නවද?"

 තැබෑරුම්හිමියා: "ඔව් ඔව්, මේ කිට්ටුවම එහෙම එකෙක් ඉන්නවා"

 තරුණයා: "ඌ ගොඩක් ලොකු එකෙක්ද?"

 තැබෑරුම්හිමියා: "අපොයි නෑ, ඌ හරිම පොඩි එකෙක්"

 තම මිතුර දෙසට හැරුණු තරුණයා මෙසේ කීය.

 "මම කිව්වේ මචං, අපි අතින් යට වෙලා තියෙන්නේ මෙහෙ ෆාදර්ව තමයි!!!"


කතාව-Tharindu Gayan             2011/12/26

No comments:

Post a Comment