Thursday, January 12, 2012

පොත


යාලුවෝ දන්නවනේ පිටකොටුවේ බස් නැවතුම් පොළ ආසන්නයේ විවිධාකාර දේවල් විකුණනවා කියලා. ඉතිං හොඳටම වැස්ස තියෙන දවසක එක වයසක මනුස්සයෙක් තනි පොතකුත් තියාගෙන ඒක විකුණන්න උත්සාහ කරනවා. ඔතනින් යන්න ආපු තරුණයෙක්ටත් මේ මනුස්සයා ඒක විකුණන්න උත්සාහ කරනවා.



 ''මහත්තයෝ, මේක පුදුමාකාර පොතක්. මේ පොත ලංකාවේ වෙන කොහේවත් නෑ. මේකේ තියෙන්නේ දියුණුවෙන්න ඕන සාස්තරේ. මහත්තයා තරුණයි, මහත්තයට තමයි මේ පොත වටින්නේ, වයසක මට දැන් මේකෙන් වැඩක් නෑ. මහත්තය ගන්නව නම් මම මේක රු.3000ට දෙන්නම්, හැබැයි ඊට වඩා නම් සතයක් අඩු නෑ. ඒ වගේම තව දෙයක්, කවදාවත් මේ පොතේ අන්තිම පිටුව නම් කියවන්න එපා. එහෙම වුනොත් මේ පොතේ තියෙන බලය නැති වෙලා මහත්තයට මහා විපතකට මුහුණ දෙන්න සිද්ධ වේවි.

 ඉතිං මේ තරුණයත් පොත අරන් ගෙදර ගිහින් එදා රෑම පොත කියවලා අවසන් කරනවා. ඒත් තරුණයාට මතකයි දීපු අවවාදය. කොහොම වුනත් ඊලඟ දවසේ මේ පොත දැක්කම මේ තරුණයාට හරිම කුතුහලේ පොතේ අන්තිම පිටුවේ තියෙන දේ දැන ගන්න. ඕන දෙයක් වෙන්න කියලා තරුණයා අන්තිම පිටුව පෙරලනවා. එහි මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

 මිළ රුපියල් 200.


- Hiran Lakshika     2012/01/02

No comments:

Post a Comment