Thursday, January 12, 2012

ශල්‍යකර්මය

ඔන්න ඉතින් එක පාරක් උඩුරාවණ මහත්තයාගේ අතේ පොඩි ආබාධයක් ඇති වෙලා ඉස්පිරිතාලෙට ගියාලු. දොස්තර මහත්තය කිව්වලු අත ඔපරේෂන් කරන්න වෙනවා කියලා. මේක අහල උඩුරාවණ මහත්තයා ටිකක් කල්පනා කරන්න ගත්තලු. ඉතින් දොස්තර මහත්තය හිතුවලු මෙයා මේ හොඳටම බය වෙලා කියල. ඉතින් දොස්තර මහත්තය උඩුරාවණ ගේ හිත හදන්න මෙහෙම කිව්වලු...

 දොස්තර: "මේක මේ පුංචි වැඩක් උඩුරාවණ. පොඩ්ඩක් වත් බයවෙන්න ඕන නෑ. පැය භාගෙන් ඔපරේෂන් එක ඉවරයි."


 උඩුරාවණ: "ඒක නම් හරි දොස්තර මහත්තයෝ. ඒත් ඉතින් ඔය ඔපරේෂන් ඒකෙන් පස්සේ මට මේ අතින් ගොඩ දවසක් යනකන් කිසිම වැඩක් කරන්න බැරි වෙයිනෙ?"

 දොස්තර: "හ්ම්ම්... නෑ නෑ. වැඩි දවසක් නෑ. දවස්‌ දෙකකින් පස්සේ සුළු සුළු වැඩ කරන්න පුළුවන්. කොහොම උනත් දවස්‌ පහක් විතර ගියාම ඔය අතින් ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙයි."

 මෙය ඇසීමෙන් පසු උඩුරාවණ මහතා තරමක සැනසීමට පත්විය. තව සුළු මොහොතකින් අනතුරුව උඩුරාවණ මහතා නැවතත් මෙසේ ඇසීය.

 උඩුරාවණ: "ඒ කිව්වේ දොස්තර මහත්තයෝ මට දවස්‌ පහ-හයක් යනකොට වයලීන් ගහන්නත් පුළුවන් වෙයිනෙ?"

 දොස්තර: "අනිවාර්යෙන් අනිවාර්යෙන් උඩුරාවණ. ඇයි?"

 උඩුරාවණ: "අනේ එහෙම නම් ලොකු දෙයක්. මම කවදාවත් වයලීන් ගහන්න දැනං හිටියේ නෑ!!!"


- Tharindu Gayan     2012/01/02

No comments:

Post a Comment